ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු වෙනුවට මාසයක් යනතුරු නව ඇමතිවරු නෑ
ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවෙන් නව ඇමතිවරු (අනුප්රාප්තිකයන්) පත් නොකිරීමට ආණ්ඩුව අදහස් කරගෙන ඇති බව 'අද'ට වාර්තා වේ.
ඉල්ලා අස් වූ ඇතැම් මුස්ලිම් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විවිධ ජනමාධ්‍ය ඇතුළු ඇතැම් පුද්ගලයන් චෝදනා එල්ල කළ අතර, ඒ සඳහා විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
මෙම ඒකකය මගින් මාසයක් ඇතුළත එම පරීක්ෂණ ක්‍රියාත්මක කර වාර්තාවක් ලබාදෙනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින අතර, එම වාර්තාවෙන් පසුව නිරෝදෝෂි අමාත්‍යවරුන්ට යළි අමාත්‍ය පදවි ලබාදීමටත්, වැරදිකරුවන් වෙත නඩු පැවරීමටත් තීරණය කර ඇති බවද %අද^ පුවත්පතට වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ ඒකකයේ පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සාක්ෂි සහිත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ යුතුව ඇති අතර, ලබන 12 වැනිදාට පෙර පැමිණිලි ඉදිරිපත් කළ යුතුව තිබේ.
මෙම පරීක්ෂණයෙන් පසුව යම් කිසිවෙකු සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවහෙත් ඔවුන් සම්බන්ධයෙන් නඩු පැවරීමටත් නිර්දෝෂි පුද්ගලයන්ට යළිත් අමාත්‍ය තනතුරු ලබාදීමටත් එතෙක් අදාළ අමාත්‍යධුරවලින් ඉවත්වූ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ආදිය යළි පවරා නොගැනීමටත් ආණ්ඩුව අදහස් කරගෙන සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.

popular news
-
dayan Friday, 07 June 2019 10:44 AM
මෙම දෙසපලකයින් ත්ස්ථාවදීන්ට සම්බන්දද, උදව් කලාද යන්න පරීක්ෂා කලයුථුඉ. ඉන් පරිබාහිර දේවල් ගැන පරීෂණ කරනවානම් අනෙක් සේරම දේශපාලකයින් ගැනත් පරීක්ෂා කල යුථුඉ. මුස්ලිම් කියල අපේ රටේ පුරවැසියන් කොටසක් වෙන්කරගෙන වෙන විදියකට සැලකීම සිංහලයන්ගේ අභිමානයට කෙසේවත් ගැලපෙන්නේ නැත.
Reply : 0 0
Champa Friday, 07 June 2019 05:14 PM
මෙතන තියෙන්නේ ජාතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. මේක දැන් මතුවුනු ප්‍රශ්නයකුත් නෙමෙයි. 2010න් පස්සේ ඇතිවුණු 2015 සිට උඩු දුවපු ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කොච්චර බරපතලද කිව්වොත් අන්තිමට ත්‍රස්තවාදී කල්ලියකුත් බිහි වෙලා අහිංසක ජීවිතත් බිලිගත්තා. බැංකු සොරකම් පොඩිපොඩි තර්ජන වලින් පටන් අරන් පස්සේ මරාගෙන මැරෙන හමුදා, ළමා හමුදා, පාබල ගුවන් නාවුක හමුදා දක්වා වැඩුණු LTTE ත්‍රස්තවාදය වගේ නෙමෙයි මේක. මේක පටන් ගන්නේම මරාගෙන මැරෙන ප්‍රහාරයකින්. මුස්ලිම් ත්රස්තවාදීන් පුහුණු කල කඳවුරු කීයක්ද 22ක්ද කොහෙද අහුවෙලා තියෙනව. ඊළඟට අපේ නාවුක හමුදාවටත් නැති සබ්මැරින්. ඊළඟට හඟ ගෙන හිටපු අවි ආයුධ. දැන් වැටලීම් කරන්නේ හෙමින්. තව ටික දවසකින් නවත්තයි. මේ හැම දෙයක්ම මුස්ලිම් දේශපාලකයන්ගේ ආශීර්වාදයෙන් තමයි මේ දක්වා ඇදුනේ. අවසානය සිංහලයන් සමූල ඝාතනය. LTTE එකෙයි මුස්ලිම් ත්රස්තවදයෙයි වෙනස තමයි LTTE එක සද්ද කර කර අවුරුදු 34ක් තිස්සේ කරන්න හදපු දේ මුස්ලිම් ත්රස්තවාදීන් අවුරුදු 2ක් වගේ සුළු කාල පුහුණුවකින් නිශ්ශබ්දව කරපු එක. ඒ හින්ද මේ ඇමතිවරුන්ගේ දේශපාලනය බලය නැති කරන්න ඕනේ. ඒ හින්ද ත
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

