ඉරිදා සහ පෝය දින සවස 02 දක්වා පංති බෑ
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය නීති සකස් කරන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව දහම් පාසල් සහතිකයට උසස් පෙළ විභාගයේදී, සාමාන්‍ය පෙළ විභාගයේදී සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 10 බැගින් ලබාදීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
සමීර Thursday, 03 January 2019 08:16 AM
මේක මුලික අයිතිවාසිකම් කඩ වීමක්. මොකද කැමති කෙනෙක්ට ආගමක් අදහන්නත් පුළුවන්, අකමැති කෙනෙක්ට් නිකන් ඉන්නත් පුළුවන්. එතකොට ආගම් අදහන්නේ නැති අය පෝය දා මොකක්ද කරන්නේ? ඒ මිනිස්සුට ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ. ඇමතිවරයාගේ මේ ගරු උසාවියෙන් හකුලා දමාවි ලේසියෙන්ම. ඒ වගේම මුදල් තියෙන අයට ගුරුවරු ගෙදරට එක්කන් ඇවිත් අදාල දවස් වල අමතර ඉගැන්වීම් ලබා ගන්න පුළුවන්. මොකද ඇමතිවරයා ගෙවල් ගානේ ගිහින් ක්ලාස් කරනවද කියලා බලන්න ඇයි? මෙයා එක පාරක් ආපු ගමන් කොටුවේ සතොසේ තියෙන මත්පැන් හල වහනවා කියලත් මේ වගේම නාට්ටියක් රඟපෑවා. අන්තිමට කරපු තොවිලයකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

