
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා පෙරවරුවේදී සිදු කෙරිණි.
මෙම පාලම පසුගියදා කැඩී යෑම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර මෙවර කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 15,000 කට පමණ ජලය සැපයීමද ඇණ හිටිණි.
පාලම නැවත අලූතින් ඉදිකිරීමට කඩිනම් පියවර ගන්නා ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව ඉටුකරමින් මෙලෙස නව පාලම ඉදිකිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල් රුපියල් මිලියන 250 කි.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් එන්.ඒ.සිසිර කුමාර, වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් එස්. මෝහන රාජා, දිස්ත්‍රික් ලේකම් පී.එස්.පී. අබේවර්ධන, නගරාධිපති සිදත් චානක රණසිංහ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.