ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් නඩු මගට
ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.
මුදල් අමාත්‍යංශයට මෙම සූත්‍රය සඟවා සිටීමට හේතු දෙකක් ඇති බව හෙතෙම ප්‍රකාශ කරන අතර ඉන් පළමුවැන්න මිල සූත්‍රයක් තිබෙන බව පැවසුවද ඇත්තවශයෙන්ම එවැන්නක් නොතිබීමත්, අනෙක නම් මිල සූත්‍රයක් ඇත්නම් එක්කෝ එම සූත්‍රය අතාර්කික බැවින් එය හෙළි නොකිරීමත්ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ආණ්ඩුව මිල සූත්‍රයක් හඳුන්වාදීමට පොරොන්දු වුවද තව වනතුරු එය ඉටු කර නොමැත. එසේම මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට ගෙන ආ පනතද අනුමත නොකළ අතර එසේ අනුමත කළේ නම් ලෝක වෙළඳපලේ තෙල් මිල ඇඳගෙන වැටීමේ වාසිය ජනතාවට දීමට සිදුවන බව පෙන්වා දේ.
වර්තමානයේ ලෝක වෙළඳපලේ සාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ ගියද ආණ්ඩුව දැවැන්ත ලෙස තෙල් මිල වැඩිකරන බැවින් එලෙස විශාල මුදලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට සිදුවන්නේ ඇයි ද යන්න දැනගැනීමට අපට අයිතියක් ඇති බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි..
තොරතුරු දැනගැනිමේ පනතේ 5.1(ඇ) 4වන උප වගන්තිය යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීම මගින් බලශක්ති වෙළඳපලේ ඉදිරි මිල ගණන් පුරෝකථනය කිරීමට ඇතුළත්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් ඇතිවිය හැකි නිසා එය ලබාදිය නොහැකි බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ W.G.D.C.D.S රාජකරුණා මහතා තමාට ලිපියක් එවමින් ප්‍රකාශ කළ බව ඔහු ප්‍රකාශ කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

