ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටු නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඉන්දීය සංචාරයක නිරත ජනපතිවරයා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.
“අසල්වැසි පළමු” ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවලට ඉන්දියාව ප්‍රමුඛත්වය දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසීය.
