ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදු ආක්රමණය කිරීම වැඩි වීමත් සමගම යාපනයේ එක්සත් ධීවර සමීතිය යාපනයේ ගුරුනගර් ධීවර වරාය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් ඊයේ (26දා) ආරම්භ කොට තිබේ.
යාපනයේ සියලුම ධීවරයින් මුහුදු යාමෙන් වැළකී ධීවර බෝට්ටු ධීවර වරාය ඉදිරිපිට ගාල් කොට කලු කොඩි ඔසවා තිබුණි.
ඉන්දීය ධීවරයින් උතුරේ ධීවරයින්ට අයත් මුහුදු සම්පත බලහත්කාරයෙන් කොල්ලකනු ලැබුවත් රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් තමන්ට කිසිදු සහනයක් නොමැති බව ප්රකාශ කළ යාපනයේ ධීවරයෝ මෑතකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්,ඒ,සුමන්තිරන් මහතාගේ ප්රධානත්වයෙන් විරෝධතාවයක් පැවැත්වූවද ඉන්ද ඵලක් නොවූ බව පැවසූහ.
යාපනයේ එක්සත් ධීවර සමීතිය විසින් ආරම්භ කළ මෙම විරෝධතාවය ධීවරයින් කාණ්ඩ වලට බෙදී දිගටම කරගෙන යාමටද තීරණය කොට තිබේ.