ශ්රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම අවුරුදු තුනකට අත්හිටුවීමක් පිළිබඳව ශ්රී ලංකා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
ශ්රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින අධික ණය බර හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරයේදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.
%ද හින්දු^ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ද අග්රාමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ.
එසේ ඉන්දියාව ණය ආපසු අය කරගැනීම අත්හිටුවන්නේ නම් චීනය ඇතුළු අනෙකුත් රටවල්ද ඒ පිළිබඳව අවධානය යොමුකරනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
පසුගිය රජය අධික ලෙස ණය ලබාගනිමින් ආර්ථිකය ගැටලුවකට පත්කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
