ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පර්යන්ත ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විශේෂ ගුවන් යානා දෙකකින් තවත් නව දෙනෙකු සමග ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.
මේ අතර ඉන්දීය ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ ගෞතම් අදානි මහතා සඳුදා කොළඹදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව කොළඹ සහ නවදිල්ලි නිල ආරංචි මාර්ග සඳහන් කරන බවයි.
"එය පෞද්ගලික සංචාරයක් වන අතර බටහිර පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදානි මහතා ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වේ" යනුවෙන් උසස් නිලධාරියෙක් ඉරිදා රාත්‍රියේ හින්දු පුවත්පතට පවසා තිබේ.
අදානි මහතා ශ්‍රී ලංකාවේ වරාය, බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ව්‍යාපෘති ගැන උනන්දු වෙයි.
"අදානි මහතා ජනාධිපති රාජපක්ෂ හමුවූ විට මෙම ක්ෂේත්රවල කළ හැකි ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරනු ඇත.” යනුවෙන් එම මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ගෞතම් අදානි මහතා ඉන්දියාවේ දෙවැනියට ධනවත්ම පුද්ගලයා වන අතර ඔහු සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලයන 80කට ආසන්න වෙයි.