ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක සහන ණයක්
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක නව සහන ණය මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව මෙම ණය මුදල ප්‍රකාශයට පත්කළේය.
මීට අමතරව ත්‍රස්තවාදී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 50ක්ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

popular news
-
Champa Friday, 29 November 2019 04:23 PM
ඉන්දියාවෙන් ගත්තත් ඇමරිකාවෙන් ගත්තත් දෙකම එකයි. මේ දෙකින්ම රටේ ස්වෛරීභාවයට හානියක් වෙනවා. මේ තරම් ණය වෙලා ඉන්දත්දී තව තවත් ණය ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. රට බාර ගත්ත මෙහෙම ණය ගැනීමෙන් තේරෙන්නේ ගෝඨාභයට රට ගොඩනැගීම ගැන කිසිම දැක්මක්, වැඩ පිළිවෙලක් නැති බවයි. ලංකාවට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ පාරවල් හැදීම නෙමෙයි. දැනට කලින් ගත්ත ණය වලින් හදපු අධිවේගී මාර්ග තියෙනවා. තවත් අවශ්‍ය නැහැ. මේ වගේ නූපන් දරුවොත් මහා ණයකාරයන් කරන මේ මුග්ධ දේශපාලනය නතර විය යුතුයි. තව එක ශත පහක් ණය ගන්නේ නැතුව වැටිලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ගෝඨාභයට එහෙම දැක්මක් නැති එක රට තවත් අලුත් ණය කන්දක හිර කරන්න හේතුවක් නෙමෙයි. තියෙන ණය ගෙවන්න උත්සාහ කරනවා මිසක තවත් ණය ගැනීම දේශද්‍රෝහී ක්‍රියාවක්. පොහොට්ටුව කිව්වා රටම වට කරලා අධි වේගී මාර්ග පද්ධතියක් හදනවා කියල. රටක් දියුණු වෙනවා කියන්නේ තව පාරවල් හැදීමවත් ඇමරිකාවේ වගේ පෙන්ටගන් හැදීමත් නෙමෙයි. පහුගිය ආණ්ඩු ණය ගන්න කොට ජනතාවට ඒ ගැන තේරුමක් තිබ්බේ නැහැ. හැබැයි දැන් තේරෙනවා ණය ගැනීම තමයි දේශපාලකයන්ට තියෙන එකම මාර්ගය කියල. පාලකයන්ගේ මේ අසීමාන්තික ණය ගැනීමට විරුද්ධ විය
Reply : 0 0
Deepal Nirosh Friday, 29 November 2019 05:18 PM
දෙන ආධාරයක් ලබාගෙන ඵලදායීව ආයෝජනය කරන එක හොඳා. හැබැයි දාන කොන්දේසි මොනවද කියා සැලකිලිමත් වීම නම් අත්‍යාවශ්‍යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

