ඉන්දියානු නාවික හමුදාපති නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
නාවික හමුදා සම්ප්රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාධිපතිවරයා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන පරිශ්රයේ දී නාවික සම්ප්රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය.
ඉන් අනතුරුව ශ්රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද්මිරාල් කරම්බීර් සිං ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව නාවික හමුදා මාණ්ඩලික ප්රධානී ඇතුළු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් හඳුන්වාදෙන ලදී.
ඉන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේදී ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං සහ ශ්රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතර ද්විපාර්ශවීය වශයෙන් දෙරට අතර හමුදාවන්ට වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබිය.
එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

