ඉන්දියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 77,266ක් වාර්තා කර ඇති අතර, එය රටේ මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බව පවසයි.
එසේම පසුගිය අගෝස්තු 7දායින් පසු සෑම දිනකම ලොව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාව වාර්තා කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඉන්දියාවේ ආසාදිතයන් මෙසේ ඉහළ යෑම අසල්වැසි රටවල පෙර සූදානම ගැන දෙවරක් සිතිය යුතු අවස්ථාවක් බවද කියැවෙයි.
ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට එක්සත් ජනපදයට හා බ්‍රසීලයට පමණක් පසුපසින් තුන්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ 3,387,500ක් ලෙසිනි.
එසේම ගෙවීගිය දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 1,057කින් ඉහළ ගොස් ඇති අතර, මුළු සංඛ්‍යාව 61,529ක් බවට පත්ව තිබේ.