බටහිර ඉන්දියාවේ මහල් පහකින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 70 දෙනෙකු සිරවී ඇතැයි විශ්වාස කරයි.
මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පවසයි.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළඟාවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරන අතර 17 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
විශේෂයෙන් මෝසම් සමයේ පවතින අධික වර්ෂාව අතරතුර ඉන්දියාවේ ගොඩනැගිලි කඩා වැටීම් සාමාන්‍යයෙන් සිදුවන්නකි. කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල වසර 10 ක් පමණ පැරණි ගොඩනැගිල්ලකි.
කොවිඩ්-19 වසංගතයෙන්ද බලවත් පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,106,348ක් වන අතර, මරණ සංඛ්‍යාව 57,542කි.