ලෝකයේ වාර්තා වී ඇති කොවිඩ්-19 මරණවලින් දහයෙන් එකක් ඉන්දියානුවන් වන අතර, ලොව දෙවනුවට වැඩිම ආසාදන වාර්තා වන සහ වේගයෙන් ඇමෙරිකාවත් අභිභවා යන රට බවටද ඉන්දියාව පත්වෙමින් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (03දා) උදෑසන වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 100,000 සීමාව ස්පර්ශ කරමින්, 99,773ක් ලෙස සටහන් විය. එමෙන්ම මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,394,068කි.
ගෝලීය වශයෙන් දෛනිකව කොවිඩ්-19 මරණ 4,000 ත් 6,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනවිට ඉන්දියාව දැනට මාසයකට වැඩි කාලයක සිට දෛනික මරණ 1,000කට වඩා වාර්තා කර තිබේ.
ඒ අනුව මේ දිනවල ගෝලීය මරණවලින් ඉන්දියාව 15%ත් 25%ත් අතර ප්‍රමාණයක් දායක වේ. ඉන්දියාවට වඩා වැඩි නව කොරෝනා වෛරස් මරණ වාර්තා කළ එකම රට වන එක්සත් ජනපදය පවා මේ වනවිට සැලකිය යුතු ලෙස අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර සමහර දිනවල එය 300ට වඩා අඩුය.
කෙසේ වෙතත්, ජනගහනය මිලියනයකට සිදුවන මරණ අනුපාතය තවමත් ඉන්දියාවේ ඉතා අඩු මට්ටමක පවතින අතර එය ලෝක සාමාන්‍යයෙන් අඩකට ආසන්නය. මේ වනවිට රට තුළ සිදුවී ඇත්තේ ජනගහනය මිලියනයකට මරණ 72ක් පමණක් වන අතර, ගෝලීය වශයෙන් ජනගහනය මිලියනයකට පුද්ගලයන් 131ක් මියගොස් තිබේ.
ඉන්දියාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සහ සාපේක්ෂව දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් සලකා බැලීමේදී මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කර ඇත.