ඉන්දියාවේ උප ජනාධිපති එම්. වෙන්කයා නායිදු ඊයේ (29දා) උදෑසන කෝවිඩ් -19 පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී තිබේ.
ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, නිවසේදීම නිරෝධායනයට ලක්වන බවත්ය.
කෙසේ වෙතත් උප ජනාධිපතිවරයාගේ බිරිඳ වන ඌෂා නයිදු පරීක්ෂණයෙන් සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා තිබුණත්, ඇයද හුදකලා වී සිටින බව කියයි.