ඉන්දියාවේ අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, එය රජයේ නිල සංඛ්‍යාලේඛනවලට වඩා බොහෝ ඉහළ අගයක් ගන්නා බව ප්රමුඛ පෙළේ පෞද්ගලික රසායනාගාරයක ප්‍රධානියෙකු පවසයි.
ඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ ප්‍රතිදේහ පවතින බව එහි ප්‍රධානී වෛද්‍ය ඒ. වේලුමනී පවසයි.
"මෙය අප බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩි ප්‍රතිශතයක්. ළමයින් ඇතුළු සියලුම වයස් කාණ්ඩවල ඒකාකාරී ලෙස ප්‍රතිදේහ දක්නට ලැබුණා" වේලුමානි රොයිටර් පුවත් සේවයට පැවසීය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඉන්දියාවේ මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,767,273ක් වන අතර, එරට වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 52,889කි.