ඉන්දියාව පෙරේදා දිනයේ නව COVID-19 ආසාදිතයන් 90,123ක් තහවුරු කිරීමෙන් පසුව ඉන්දියාවේ සමස්ත නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ඉන්දියාවෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 5,020,359ක් වාර්තා වෙයි. මෙම තහවුරු වූ ආසාදන අනුව මේ වනවිට ඉන්දියාව, එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන අතර, මරණ සංඛ්‍යාවෙන් ලොව තෙවැනි තැන ගනී.
පෙරේදා දිනයේ එරට තවත් ආසාදන මරණ 1,290ක් වාර්තා වෙමින්, එරට සමස්ත නව කොරෝනා මරණ සංඛ්‍යාව 82,066ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජනපදයේ 196,000ක් සහ බ්‍රසීලයේ 134,000 ඉක්මවූ පිරිසක් මෙම රෝගයෙන් මියගොස් තිබේ. කෙසේ වෙතත් ආසන්න කාලසීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වෙමින් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.