ඉදිරියේදී මඩ ව්‍යාපාරයක් - කෙහෙළිය
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමට සූදානම්ව ඇති බව දැන ගන්නට ලැබී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
මහනුවර මැණික්හින්න පිහිටි කුණ්ඩසාලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසීය.
“අපට තියෙන ආරංචි අනුව ප්‍රබල අමාත්‍යවරයෙකු ඇතුළු තවත් කීප දෙනෙක් සම්බන්ධ වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාට මඩ ගැසීමේ ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. මේ මඩ ව්‍යාපාරය මීළඟට එන දින පහ හය තුළ ඉතා ප්රබලව සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ඔවුන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
මඩ ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට රටේ ජනතාව උත්තරයක් හොයන්න ඕන . මඩ ව්‍යාපාරයක් ඕන වෙන්නේ ගොඩින් ඇවිත් බැරි නිසයි. මේ වන විට ඕනම එක්සත් ජාතික පාක්ෂිකයෙකුගෙන් ඇහුවොත් කියන්නේ පනහට පනහ වගේ නේද තියෙන්නේ කියලයි. කරට කර වගේ නේද කියලා. ඒක ඇත්ත ඔවුන්ට කියන්න බෑ ඔවුන්ගේ අපේක්ෂකයා පරාදයි කියලා. ඔවුන්ට කියන්න පුළුවන් හොඳම විදිහ තමයි කරට කර වගේ නේද කියලා.
කරට කර නේද කියල කියන්නේ අපේ එකා පරදිනවා කියලා කියන්න බැරි නිසයි. අපි නම් බොහොම් පැහැදිලිව කියනවා සියයට 57 ත් 59 ත් අතර ඡන්ද ප්‍රමාණයක් අර ගෙන ලක්ෂ 12 සිට 16 ක් දක්වා වැඩි ඡන්දයකින් නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජය ගන්නවා කියලා. ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යමින් ඉන්නවා. සුළු ජාතීන් ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිද ගෙනල්ලා සහරාන් එක්ක සම්බන්ධකම් තිබුණා කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා.
ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්.”
මොහොමඩ් ආසික්
popular news
-
හර්මානිස් Sunday, 10 November 2019 09:43 AM
ඉදිරියේ නොවේ පොහොට්ටු කාරයින් දැනටමත් එජාපයේ කුණුගොඩවල් තියෙනවා කියමින් මඩ ව්‍යාපාරයක් කරනවාදේද.තමුන් කරනදේ අනුන්පිට පටවන්න එපා.කොහොම වුනත් ඔබේ අපේක්ෂකයා ඇමරිකන් පුරවැසියෙක් නිසා එයට ඡන්දය දීම වැඩක් නැහැ කියල හිතුනා.
Reply : 0 0
rocky Sunday, 10 November 2019 10:52 AM
බොහොම හරි. දැනටමත් විමලෙයි පිවිතුරු ගම්මන්පිල උන්නැහෙයි හොඳට ගඳ ගහන ඉස්තරම් මඩ ගොඩක් අනාගන ඉන්නවා කියලා ආරංචියි. ඕවා ඔහෙලාටම වදින දවස ළඟදීම උදා වේවි!!
Reply : 0 0
Champa Sunday, 10 November 2019 03:26 PM
ඉදිරි සතියේදී මඩ ව්‍යාපාරයක් කියල කියනවට වඩා ගහපු මඩ ආපහු එන සතියක් කියල කිව්වා නම් හරි. ලංකාවේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගෙම සහචරයෝ චන්දේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් කලේ දෙපැත්තේ දේශපාලකයන්ට මඩ ගහපු එක. ලැජ්ජයි. මේ මඩ සංස්කෘතියෙන් තමන්ගේ පිල වලක්වා ගන්න බැරි නායකයෝ දෙන්න කොහොමද මුළු රටක්ම පාලනය කරන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

