ඉදිරියේදි මේ රටේ නායකයා වන්නේ සජිත් - විජේපාල
ඉදිරියේදි මේ රටේ නායකයා වෙන්නෙත්, පක්ෂයේ නායකයා වෙන්නෙත් වෙන කිසිවෙකුත් නොව සජිත් ප්‍රේමදාස මහතා යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“මේ ආණ්ඩුව අපෙන් පාලනය භාර ගත්තේ ජනතාවට සහන සලසන්න කියලා. එහෙම භාරගත්ත මේ ආණ්ඩුව, 69 ලක්ෂයකගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්න ඕනෑ. බඩු මිල අඩු කරලා වහාම ජනතාවට සහන සලසන්න ඕනෑ. ජනතාව සුරක්ෂා කරනවා කියලා පොලීසිය විතරක් දාලා මදි. ඉන්න හිටින්න පුළුවන් විදියට ජනතාවගේ මුලික අවශ්‍යතා ලබා දෙන්න ඕනෑ.
නමුත් ආණ්ඩුව අද මොනවද කරන්නේ.රංජන් රාමනායක, අපේ හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික දුරකථන සාකච්ඡා අරගෙන අමු අමුවේම මාධ්‍යයට මුදා හැරලා කොටස් වශයෙන් යන ටෙලි නාට්‍ය වගේ ජනතාවට පෙන්නමින් දිනපතා මඩ ගහනවා. මම අහන්නේ මේ රටේ නීතියක් තිබෙනවා, මේ රටේ අධිකරණයක් තිබෙනවා, අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා කිසියම් වැරැද්දක් කරලා තිබෙනවා නම් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඒවා සියලු මාධ්‍යවලට මුදා හැරලා බොරු සංදර්ශන පෙන්නමින් මේ රජය ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරනවා.
මම කියනවා ආණ්ඩුවට මේ වගේ ඉතාමත් නැහැදිච්ච වැඩ, ලජ්ජා නැති වැඩ කරන්න එපා කියලා. මේ රටේ නීතියක් තියෙනවා නම් ඇයි ක්‍රියාමාර්ග ගන්න බැරි? නාටක පෙන්න පෙන්නා ඉන්නේ ඇයි? තියෙන ප්‍රශ්න වහගන්නද කියලා මා අහනවා. පුංචි ළමයාගේ ඉඳලා මහල්ලා දක්වා අද අහන්නේ හඬ පටේ ගැන. අනේ ආණ්ඩුව, විලි ලැජ්ජයි. මේ ආණ්ඩුවේ බැරිකම වහගන්න එක එක නාටක එක එක කාලෙට රඟ දක්වනවා. බඩු මිල වැඩි කරපු නිසා , වැඩක් ආරම්භ කරන්න බැරි නිසා මේ අය එක එක අය අල්ලා ගන්නවා. හෙට අනිද්දා තෙල් මිල වැඩි කරලා තවත් කෙනෙක් අල්ලා ගනීවි. තමන්ට ඇති ජනතා විරෝධය නැති කරන්න මේ වගේ ජවනිකා ඉදිරියටත් රඟ දක්වාවි”.

-
vinivida Sunday, 12 January 2020 10:25 PM
පක්ෂය ආරක්ෂා කරගත් රනිල් නෙරපා පක්ෂය විනසක පියාගේ පුතාවන නොමේරු සජිත් ප්‍රේමදාසට එකසත් ජාතික පක්ෂයයේ නායක යා නොකළ යුතුය.පළමුව පක්ෂය විනාශ කලේ ප්‍රේමදාස පියානෝය.නැවත එම පියාගේ නොමෙරූ පුතුට පක්ෂයයේ නායකත්වය ලබාදෙන්නේනම් එය ඊටත් වඩා නුගත් ක්‍රියාවකි. බලහත් කාරයෙන් නායකත්වය ලබාගැනීමට උත්සහ කරන කණ්ඩායම් වලට වර්තමාන නායකත්වය කෙසේවත් යටත්විය යුතුනත. එමෙන්ම වර්තමාන එකසත් ජාතික පක්ෂයයේ නායකයයා වෙනුවෙන් ඕනෑම අවස්ථවක ඉදිරියට පැමිණි රන්ජන් රාමනායක වැනි අවංක පුද්ගලයන් පක්ෂයෙන් කෙසේවත් ඉවත් නොකළ යුතුය.අදිකරණය පොලිසිය සහ මහජනයා වෙනුවෙන් පෙනිඉසිටින ඔවුන්ව ආරක්ෂා කරන සියලු ආයතන සියල්ලක්ම දුෂණය වී ඇති ආකාරය ඔහුගේ හඬ පටවලින් රටේ සියලු ජනතවට හෙළි කිරීමට ඔහු ඉදිරියට පැමිණියේය. ඔහු එසේ නොකලානම් රටේ දුෂිත ආයතන ගැන කිසිවකු විසින් රටට හෙළි නොකරන්නේය. කුනුවිගිය තුවාලය රන්ජන් විසින් පාරවා ඇත. එහි තුල සිදුවී ඇති සුදුවෙමින් තිබෙන්න වූ බොහෝ දේ පිලිබදව ඉදිරියේදී සියලු රට වැසියන් දැනුවත් වීම වැදගත්ය. එවිට වැදගත් මිනිසුන් මහජනත්ව පාර්ලිමේන්තුවට තොර ගනු ඇත. මහින්ද සමහ ගම්පහින් රන්ජන් සටනට එක් කලයුතුය.
Reply : 0 60
lion Monday, 13 January 2020 01:22 PM
මගේ මතය තමා එකම මතය කියා සිතන මේ වගේ ගොඩක් අය සජිත් සිටිනවා. ඒ මතය පරාද වුනාමවත් ඒක පිළිනොගන්නා අයට නමක් කියන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

