ඉදිරියේදි ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ගැටලු ඇති විය හැකියි - නිරෝෂන්
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදුකරන පරික්ෂණ නිසි ක්‍රමවේදයකට අනුව සාධාරණව සිදු නොවුණහොත් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ගැටලු ඇතිවිය හැකි බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ වනවිට මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති බව පවසමින් මුස්ලිම් අමාත්‍යවරු සිය තනතුරු වලින් ඉල්ලා අස් වී තිබෙනවා. එම ඉල්ලා අස්වූ අමාත්‍යවරු අතර රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාද සිටියා. මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ ගැන රටේ මහජනතාව දෑස් ඇරගෙන බලාගෙන ඉන්නේ. මට පේන විදිහට නම් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහ මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කෙරෙන පරීක්ෂණ මුස්ලිම් ඇමතිවරු දැන් පටලවාගෙන තිබෙන්නේ.
ජනාධිපතිවරණයේදී හෝ වෙනත් ජාතික මැතිවරණයක දී තමන්ට ලැබෙන ඡන්ද ගැන හිතලා ඡන්ද ආරක්ෂා කරගන්න යාමෙන් රට අස්ථාවර වෙනවා. දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවලිය හේතුවෙන් වෙන්න පුළුවන් දේ පිළිබඳවමේ වන විටත් ඉගි පලවෙලා තියනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඩපණ වීමේ අවධානමක් මේ වනවිට මතුවෙලා තිබෙනවා. ඒ වගේම දේශපාලන වාසි ලබා ගන්න යන දේශපාලන නායකයන් සියලු දෙනා දේශපාලන න්‍යාය පත්‍ර වලට කටයුතු කරන්න යාමෙන් මිය ගිය හෝ තුවාල ලැබූ ජනතාවට සාධාරණයක් ඉටුවන්නේ නැහැ. මේ හේතුවෙන් ජනතාවගේ සිත්තුළ ඇතිවන්නේ වෛරයක්. රට පුරා පසුගිය කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වල සක්‍රිය බවක් දැන් පේන්න නැහැ. ඒ පිළිබඳ උන්නදුවක් පේන්නත් නැහැ. මේ ත්රස්තවාදයට උල්පන්දම් දුන් පිරිස්, මුදල් දුන් පිරිස පිළිබඳව හෝ දේශපාලන රැකවරණය දුන් පිරිස පිළිබඳ පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් මේ වන තෙක් සිදුව නැහැ. මේ ගැන ජනතාව අවධානයෙන් ඉන්නේ. පරීක්ෂණ නිසි ක්‍රමවේදයකට අනුව සාධාරණව සිදු නොවුණහොත් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ගැටලු ඇතිවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Deepal Nirosh Tuesday, 18 June 2019 12:51 PM
බය වෙන්න දෙයක් නෑ මන්ත්‍රීතුමා, වත්මන් අගමැතිතුමා ඒම තනතුරට පත්වුණේ මන්ත්‍රීවරු 42ක පමණක් මනාපයෙන්. ඉතින් කවුරු අස්වුනත් මන්ත්‍රී සංඛ්‍යාව කවරක් වුණත් ආණ්ඩුව පවතිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

