තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තම කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩලය ඇතුලු පක්ෂය විසින් තීරණය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22දා) මහනුවරදි ප්‍රකාශ කළේය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක අනතුරුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරතවිය.
“මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර ගන්නේ නෑ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට මම කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදු දහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය හරියාකාරව ඉටු කරනවා.
ඔබලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා. නමුත් මගේ ඔළුවේ තිබෙන්නේ මැතිවරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොවෙයි. චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්නට ඇති කාරණයයි. ජනාධිපතරවරණය පිළිබදව අනෙක් අයගෙන් අසා දැනගන්න. සෑමටකම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කටයුතු කරනවා.”

