ඉදිරි පැය 36දි දිවයිනේ බෝහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක.
එසේම ඌව,මධ්‍යම,උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.