ඉතාලියේදි ශ්රි ලාංකික කතක් අභිරහස් ලෙස මියයයි
ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කල ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි ඉකුත් 31 දා සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහවැව කොස්වාඩියේ පදිංචි උමයංගි වීරසිරි 32 නැමති කාන්තාවකි .මෙම කාන්තාව තම සැමියත් සමග නාපෝලි නගරයේ පොසිලිකෝ ප්රදේශයේ නිවසක නැවති සේවය කල අයෙක් බවත් තම සේවිකාව සේවය කිරිමට නොපැමිණීම නිසා ඇය සිටි කාමරය වෙත ගිය නිවෙස් හිමි ඉතාලි ජාතික කාන්තාව එහි එල්ලි මියගොස් සිටි ආකාරය දැක එරට පොලිසියට කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරින් පැමිණ මළ සිරුර සොයාගෙන තිබේ.
මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් ඇගේ සැමියා මළ සිරුර සොයාගත් දින අලුයම පිට වි යන ආකාරය නිවෙස් හිමි කාන්තාව දැක ඇති අතර මේ වනවිට එම පුද්ගලයා අතුරුදන් වි ඇති බව වාර්තා වේ .
වසර 8 ක පමණ කාලයක සිට මෙම කාන්තාව ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කරන බවත් ඉකුත් මැයි මාසයේ විවාහ වි සැමියත් සමග ඉතාලියට පසුගිය අගෝස්තු මාසයේදි ගිය බව මියගිය කාන්තාවගේ නැගණිය පවසා සිටියාය .
තම සහෝදරිය ඇගේ සැමියත් සමග නාපෝලියේ එකම නිවසේ සේවය කල බවත් තම සහෝදරියගේ මරණය සිදු වු දා සිට ඇගේ සැමියා අතුරුදන් වි ඇති බව මියගිය කාන්තාවගේ නැගණිය වැඩි දුරටත් පවසා සිටියාය .
තම සහෝදරියගේ මරණය ඝාතනයක් බවට සැකකරන බව නාපෝලි නාගරික පොලිසිය පවසා සිටින බවත් වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටින බවට එරට පොලිසිය සඳහන් කරන බව මියගිය කාන්තාවගේ ඥාතින් පවසති.
නයිනමඩව -චන්දන ප්රනාන්දු

popular news
-
Nadun Narampnawa Friday, 04 January 2019 11:21 PM
Doing a great job for the Sri Lankan people who are looking for latest news on the internet day by day.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

