ඉතාම කෙටි කාලයකින් අපි බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙනවා
ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති අර්බුද දෙස බැලූ විට රට ඉතාම කෙටි කාලයකින් බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ “පන්හිඳක විප්ලවය” උත්සවයට එක් වෙමිනි.
විජයදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද “රාජ්‍ය පාලනයේ විකාශනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය”, “අවනඩුව” සහ “අතුරුදන් අපේක්ෂකයාගේ අභිරහස” ග්රන්ථ ත්‍රිත්වය සහ “පෙම් පවුර” සහ “සියුමැලි මල” සංයුක්ත තැටි ද්විත්වය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.
“සියලු අර්බුදවල කථාව ලොකු කතාවක්. මේ රටේ පොදුවේ රටට ආදරය කරන දේශාපාඥයින්ගෙන් ජනතාවගෙත් වගකීමක් වෙනවා මේ අර්බුද වහ වහා විසඳා ගැනීම.
එහෙම විසඳා නොගත්තොත් දේශපාල අර්බුද, සමාජ අර්බුද ඒ සියල්ලත් සමග අපි ඉතාම කෙටි කාලයකින් අපි බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙනවා.
සෑම දෙනාම රට ගැන කඩිනමින් ඉකිමනින් තීන්දු තිරණ අරගෙන රටත් ජනතාවත් බේරා ගැනිමට ඉක්මනින් කටයුතු කළ යුතු අවස්ථාවකුයි එළැඹී තිබෙන්නේ.” යැයි ඔහු පැවැසීය.
මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු සහ නීති ක්ෂේත්රයේ මෙන්ම කලා ක්ෂේත්රයේ ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



popular news
-
Wimal Thursday, 05 September 2019 10:42 AM
Who his thecpresidentb,not you Aiyyo sirisena
Reply : 2 4
kapila Thursday, 05 September 2019 12:02 PM
එම අර්බුදය කරා රට ගෙනගියේ ඔබයි.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

