ඉතිහාසයේ පළමු වතාවට රටේ බලකණු තුනක් හැප්පෙන්නට පටන් ගැනීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රටේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් රටේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයන් රැසකට මුහුණ පා ඇති බව ප්‍රකාශ කිරීම සඳහා දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා ,
විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන ප්‍රධාන බල කණු තුන මේ වනවිට ලිග්ගල් තුනක් ආකාරයෙන් තිබුණු බලකණු මැදට ගිනි තබා තිබෙන බවත්ය. මෙම ගිනි ගොඩ මැද රටේ මහජනතාව පිළිස්සෙන බව ද හෙතෙම කීවේය,
නගුලෙන් හාපු ජනාධිපතිතුමා අටවපු ව්‍යවස්ථා උගුලෙන් ගැලවීම සඳහා මගුලක් කෑ බවත් එම මගුල කෑම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ද මෙය හොඳම රසගුණ යැයි සිතා දෑගිලි දිගුකොට එකතු වූ බවද එම දෙදෙනා දීග කෑ නිසා සිදුව ඇත්තේ රජ මැදුරෙන් අගුලට වැටී ඇති බවය. එම අගුලේ සිටි කටු කාපු සුනක පෝතකයන් මිදුලට නොව මිදුලේඳ පාරට විසි වී ඇතැයි ඔවුන් ප්‍රධාන මාර්ගයට වැටී උඩුබුරන තත්ත්වයට පත්ව තිබෙන බවක් ඇති බවද පැවසීය.
ජනතාව රාජ්‍ය නිලධාරීන් කරකවා අත ඇරිය තැනට පත්ව තිබෙන බවත් මෙම තත්වයට රට පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාත් වගකිව යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.
දඔුල්ල - කාංචන ආරියදාස