කැළණිය, රුක්මල් පෙදෙස නිවසක කාන්තාවක පිළිස්සී මියගොස් ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්රි 9.00ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.
අවුරුදු 74ක් වන ඇනස්ට්රෝෂියා මාරියා අරලන්ද්ර නැමැති කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකාරිය අංශ භාගයෙන් පෙළෙන බවත් ඇයගේ දුව හා දුවගේ සැමියා අසළ පිහිටි නිවසක උත්සවයකට සම්බන්ධ වී තිබියදි මෙම අනතුර සිදුව තිබේ.
නිවසේ විදුලිය විසන්ධිවීම හේතුවෙන් ඉටිපහනක් දල්වා තිබියදී එය පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය කළ විමර්ශන වලදී අණාවරණය වී තිබේ.