ඉක්මන් මැතිවරණයට යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් පැමිණියද එයට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සිය පාර්ශ්වයෙන් විරෝධතා දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
ගාල්ල, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සදහන් කළේය.
"මේ සන්ධානය සමග එකතුවීමට කැමැති හැමෝටම එකතුවෙන්න පුලුවන්. අකුල් හෙලන්න කැමැති අයට අකුල්හෙලන්න පුලුවන්. එකතුවෙන්න කැමැති හැමෝටම එකතුවෙලා ජයග්‍රාහී මාවතට එකතුවෙන්න පුලුවන්. එහෙම නැතිව ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙලට සහාය දැක්වීමට කැමැති අය තමයි මේ සන්ධානයේ කකුලින් අදින්නේ. නමුත් ජනතාව ඔවුන් ඉදිරි මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරාවි.
කවුරු වුනත් මේ වෙලාවේ ඇති කරන සන්ධානයට විරුද්ධ වෙනවා නම් ඒ හැමෝම රාජපක්ෂලා සමග ඩීල් තිබෙන අයයි. ඒ අය රාජපක්ෂලා ආරක්ෂා කරනවා. ඉක්මන් ඡන්දයකට යන්න ආණ්ඩුව කරන යෝජනාවට සහාය දෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනාවක් ආවා. ආණ්ඩුවට සහාය දීලා ඡන්දයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි හැමෝම ප්‍රකාශ කළා. නමුත් අද මේ වන විට කණ්ඩායම ඉක්මනින් ඡන්දයකට ගිහින් රාජපක්ෂවරුන්ට එක මන්ත්‍රීධූරයක් හරි ගන්න උදව් කරන්න හදන්නේ." යනුවෙන් ද සදහන් කළේය.