ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යවේදිනියක් සේ කටයුතු කළ මලලයි සහ ඇගේ රියදුරු නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබේ.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානිගේ ප්‍රකාශකයෙකු වන සෙඩිකි කියා සිටියේ, එරට රජය මෙම ඝාතනය තරයේ හෙළා දකින අතර එය බියගුලු හා ම්ලේච්ඡ ඝාතනයක් බවයි.
"ඇෆ්ගනිස්ථාන රජය මේ සිදුවීම තරයේ හෙළා දකින අතර, ඇගේ පවුලේ අයට සහ මිතුරන්ට බලවත් ශෝකය පළ කර සිටිනවා. අපේ ජනතාවට එරෙහි වර්තමාන මුග්ධ ප්රචණ්ඩත්වය අවසන් විය යුතුයි. සෙඩිකි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
නැඟෙනහිර පළාතේ නන්ගාර්හාර්හි අගනුවර වන ජලලාබාද්හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාට ඔවුන්ගේ වාහනය තුළදීම වෙඩි තබා ඇත. ඇය නන්ගාර්හාර් හි එනිකස් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ වාර්තාකාරිනියක් ලෙස සේවය කළාය.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැති නමුත් ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තාරික් ඒරියන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය කියා සිටියේ පසුගිය වසර 15 තුළ මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරවලින් බහුතරය පිටුපස තලේබාන් සංවිධානය සිටින බවය.
අතර රොයිටර් පුවත් සේවය තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් උපුටා දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට කණ්ඩායමේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කළ බවය. එමෙන්ම මෙම මාධ්‍යවේදිනියද ඇගේ පවුලේ මෙවැනි ඉරණමකට පත්වූ පළමු තැනැත්තිය නොවන අතර, මීට වසර පහකට පෙර ක්‍රියාකාරිනියක වූ ඇගේ මව නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.