ඇහැළියගොඩ නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක්
ඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසක් වෙත අද (18) අලුයම බෝම්බ ප්රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.
මොහොමඩ් තවාහීර් අබ්දුල් රහුමාන් යන අයගේ නිවසට අද අලූයම 04. 00ත් 04.30ත් අතර කාලයේ මෙම බෝම්බ ප්රහාරය එල්ලවී ඇති බව පැවසූ පොලීසිය ප්රහාරයෙන් නිවැසියන්ට තුවාල සිදුව නැති බවද පැවසීය.
ප්රහාරය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගෙහිමි කාන්තාව සහ ඇගේ දරුවා පමණක් බවට තොරතුරු ඇතැයි ද පොලීසිය පැවසීය. නිවෙස්හිමියා ඒ අවස්ථාවේ නිවසින් බැහැර ගොස් සිටි බවට දැනගන්නට ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
සිදුව ඇති හානිය සැලකීමේදී එල්ල කර ඇත්තේ පෙට්රල් බෝම්බයක් බවට අනුමාන කළ හැකි බව පොලීසිය පැවසීය. මෙම ප්රහාරය පුද්ගලික පළිගැනීමක් හෝ වෙනත් හේතුවක් මත සිදු කළේද යන්න සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය විමර්ශන පවත්වයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
