රත්නපුර දිස්ත්‍රික්කයෙන් 08දා වාර්තාවූ කෝවිඞ් ආසාදිතයන් 13දෙනාම, ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුලු ආසාදිතයන් ගණන 431 දක්වා ඉහළ ගොස් ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙන්නීය. එම පිරිස අතරින් සුව ලබා ඇත්තේ 140කි.
මෙම නව ආසාදිතයන් හමුවීමත් සමග ස්වයං නිරෝධායනයට ලක්කළ පිරිස යම් ඉහළ අගයකට ආ බව කී දිස්ත්‍රික් ලේකම්වරිය 08දා සවස් වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 993ක පුද්ගලියන් 4054ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව ද කීවාය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවන වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. දියුරුම්පිටිය ඇඟලුම් පොකුරෙන් තවමත් ආසාදිතයන් වැඩිපුර වාර්තාවන බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අංශ පෙන්වා දෙයි.
අජිත්ලාල් ශාන්තඋදය