ඇසළ පෙරහර අභිමානවත් ලෙස පැවැත්විය යුතුයි
මහනුවර ඇසළ පෙරහැර සමය වෙනදාටත් වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතු බවත් ඒ පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත්, දියවඩන නිලමේතුමා සමගත් සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් පොසොන් උත්සවයද ඉහළින් සැමරීමට කටයුතු කළ බවත් ඔහු පැවැසීය.
අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය
“ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සමග කළ සාකච්ඡා වාර කීපයකින් පසු මම පසුගිය ජූනි 05 වෙනි දා ඔබ සැමගෙන් ඉල්ලා සිටියේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පෙර සිරිත් අනුව ඉතා ඉහළින් පොසොන් උත්සවය සමරන ලෙසයි.
ඒ අනුවම යමින් අපට පොසොන් උත්සවය ඉතා ඉහළින් සමරන්නට පුළුවන් වුණා. ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන් ද රට පුරා පැවැත්වුණි. වෙනදා පොසොන් උත්සවයට මුල් තැනක් නොදෙන ප්‍රදේශවලත් මෙවර පොසොන් දිනය ඉතා උත්කර්ශවත් ලෙස සමරන අයුරු අප නිරීක්ෂණය කළෙමු.
මෙවර පොසොන් උත්සවය සාර්ථක හා ඉහළ මට්ටමින් සැමරීමට සම්මාදම් වූ සියළු දෙනාටම අපි අපේ ස්තුතිය පළ කරමු. මේ සම්බන්ධව අපේ මහා සංඝ රත්නය ලබා දුන් නායකත්වයට අපගේ ගෞරව නමස්කාරය පුද කර සිටිමු.
එසේම රජයේ මැති ඇමතිවරු, නිලධාරීන්, ආරක්ෂක අංශ, විදුහල්පතිවරු සහ පාසැල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන ආදියත් ලබා දුන් සහයෝගය අගය කරමු. විශේෂයෙන්ම රට පුරා ජනතාව කිසිදු භේදයකින් තොරව පොසොන් සැමරීමට එක් වූහ. ඔවුන් දැක්වූ භක්තිය සහ උද්යෝගය නිසා අපේ රට පිළිබඳව යහපත් චිත්‍රයක් ලෝකයටම දැක ගන්නට ලැබිණි. මේ සියළු දෙනාට ද අපගේ ස්තුතිය පළ කර සිටිමු.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රටට එක්වුණු අඳුරු පැල්ලම මකා දමන්නට හැකි වෙන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණය. ඒ උදාර අරමුණ වෙනුවෙන් අපි සැවොම අත්වැල් බැඳ ගනිමු.”

popular news
-
lion Wednesday, 19 June 2019 06:31 AM
කරුන්කර මෙම මහගු උත්සවයට වෙදෙශිකයන් ගෙන්වා ගන්න කඩිනම් වැඩ පිළිවෙලක් යොදන්න
Reply : 0 0
Champa Wednesday, 19 June 2019 09:10 AM
දැන් තමයි හරියට මේකේ මේ statement එක කියැව්වේ. හූඌඌඌ.... ඔන්න බලන්න.... 2015 බලයට ආපු ගමන් පන්සලේ අලි තියා ගත්ත කියල හාමුදුරුවරුන්ට නඩු දමපු, පන්සල් වල හිටපු අලින්ව පැහැර ගෙන ගියපු, පන්සලේ පෙරහැරවල් තහනම් කරන්න හදපු, සමලිංගික සැණකෙළි තියන්න හදපු, LGBT නීතිගත කරන්න හදපු, අපේ ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදපු, හාමුදුරුවරු සහ පන්සල් භේද කරන්න තව මොකක්ද මන්ද නම මතක නැති පනතක් ගේන්න හදපු, පන්සලේ පිං කැටෙටත් තට්ටු කරන්න හදපු, සිංහල බෞද්ධයන්ගේ බලය නැති කරන්න රට බෙදන බෙදුම්වාදී ව්‍යවස්ථාවක් draft කරපු,, අන්තිමට ඒකත් මදි වෙලා රට අනාගාමික කරන්න හදපු, වහල් යූඑන්පී ආණ්ඩුවට සහ වහල් අගමැතිට අන්තිමට 2019 වෙනකොට සිංහල බෞද්ධයා ඉදිරියේ දණ නමන්න වුනා. හූඌඌ...... වෙසක් දවසට දවස් දෙකකට කලින් එකපාරට වෙසක් සමරන්න ඕනේ කියල, දැන් පොසොනුත් සමරලා, මෙන්න යකෝ ඇසලත් සමරන්න යනවා ඒ පාර. හිනා යන හින්ද ඉතුරු ටික type කරගන්න බැහැ
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

