ඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාදෙන ලෙස කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) නිර්දේශ කරයි.
ඇස්ට්‍රාසෙනෙකා පළමු වැනි මාත්‍රාව ලබාගත් අයට එහිම දෙවැනි මාත්‍රාව හෝ එය නොමැති නම් mRNA වෙනත් එන්නතක් ලබාගත හැකි බව කැනඩාවේ NACI පසුගිය ජුනි 01දා කිය සිටියේය. කෙසේ වෙතත් ඊයේ (17දා) නිකුත් කළ නව මඟපෙන්වීමකදී NACI පැවසුවේ මුලින් ඇස්ට්‍රාසෙනෙකා ලබාගත් අයට ෆයිසර් හෝ මොඩෙර්නා දැන් දෙවැනි මාත්‍රාව ලෙස වඩාත් යෝග්‍ය බවයි.
"ඇස්ට්‍රාසෙනෙකා /කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සඳහා දෙවැනි මාත්‍රාව ලෙස mRNA එන්නතක් දැන් වඩාත් සුදුසු බව සැලකෙනවා. එන්නත් මිශ්‍රකර ලබාදෙමින් සිදුකළ පරීක්ෂණවල සාක්ෂි මත පදනම්ව ඒ හරහා වඩාත් හොඳ ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා" නිවේදනයක් නිකුත් කරමින් කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) ප්‍රකාශ කර තිබේ.
විශේෂයෙන්ම ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත් අපනයනය අඩාලවීමත් සමග ලොවපුරා රටවල් රැසක පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් ලබාගත් අයට දෙවැනි මාත්‍රාවක් ලබාදීමට නොහැකි වීමෙන් ඇති වූ අර්බුදයට මෙය වඩාත් ඵලදායී තත්ත්වයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.