ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලට සහ නගරවලට කොවිඩ්-19 එන්නත වැඩි මාත්‍රාවක් ළඟදීම ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද (21දා) ප්‍රකාශ කළේය.
රුධිර කැටි ගැසීම් හේතුවෙන් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා පමණක් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලබාදීම නිර්දේශ කරන ලද ප්‍රතිපත්ති මාරුවක් ඔස්ට්‍රේලියාව විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට ප්‍රාන්ත එන්නත් වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
"ඔවුන් සියල්ලන්ටම අතිරේක මාත්‍රාවක් ලැබෙනවා. අතිරේක ෆයිසර් මාත්‍රාව ලැබුණු සැණින් ජූලි මාසය වනවිට එන්නත්කරණයේ සාමාන්‍ය වේගය පවත්වා ගැනීමට හැකි වෙනවා" මොරිසන් පැවසීය.
ජාත්‍යන්තර එන්නත් සැපයීම ප්‍රමාදවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රටපුරා එන්නත් කිරීමේ වැඩසටහනට මූලික ඉලක්ක කිහිපයක් මග හැරුණු අතර ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව පිළිබඳ වෛද්‍ය උපදෙස් වෙනස් කිරීම දැන් එම ක්‍රියාවලිය තවත් මන්දගාමී කර තිබේ.
මිලියන 20ක් වන ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනයෙන් 4%ක් පමණක් සම්පූර්ණ එන්නත ලබාගෙන ඇති අතර, 25%කට වැඩි පිරිසකට අවම වශයෙන් පළමු මාත්‍රාව ලබා දී ඇත.