යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්රතික්රියා එකතු කරන බවයි.
ඒජන්සියේ ඖෂධ අවදානම් තක්සේරු කමිටුව අතුරු ආබාධ ලෙස මෙසේ දැඩි අසාත්මික ප්රතික්රියා පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමට නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙම යාවත්කාලීන කිරීම පදනම් වී ඇත්තේ එක්සත් රාජධානියේ එන්නත්කරණය සිදුකළ මිලියන 5ක් පමණ සිදුවීම්වල ඇනෆිලැක්සිස් (බරපතළ ආසාත්මික ප්රතික්රියාවක්) පිළිබඳ වාර්තා 41ක් සමාලෝචනය කිරීමෙනි. එහිදී මෙම දත්ත ඉතා පරිස්සමින් සමාලෝචනය කිරීමෙන් පසුව, අවම වශයෙන් මෙහි අවස්ථා කිහිපයකට හෝ එන්නත හා සම්බන්ධයක් ඇති බව ඒජන්සියේ ඖෂධ අවදානම් තක්සේරු කමිටුව පවසයි.