ඇල්ලේ ගින්න නිවිමට යුද හමුදාවේත් සහාය
ඇල්ල , රාවණාඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් නමැති ප්‍රදේශයේ ඊයේ (22) දා සිට පැතිර යන ගින්න අද (23) දිනයේද ව්‍යාප්ත වෙමින් තිබිණ .
ගින්න පාලනය කිරිම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව ද යොදවා ඇතැයි ආපදා කළමනාකර බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් . උදයකුමාර මහතා පැවසීය .
දැඩි සුළං හා ගින්න පැතිර යන ස්ථානයක ළගාවීමේ දුෂ්කරතාවය නිසා ගින්න නිවිමට බාධා ඇති විය .
වනයේ සතුන් හා දුලභ ශාක වර්ගද මෙම ගින්නට හසුව ඇතැයි පරිසරවේදීහු පවසති .
රාවණාඇල්ල දිය ඇල්ල පිහිටියේද මේ කලාපයේය .
මෙම ගිනි තැබිම වාර්ෂිකව සිදුවන අතර ජල උල්පත් සිදීයාම ගල්කුට්ට් කඩා වැටිම වැනි පාරිසරික විනාශයන්ද සිදු වෙයි.

popular news
-
Kumar Saturday, 24 August 2019 07:53 PM
මම වෙසෙන කැලිෆෝර්නියාවේ පසුගිය වසරේ අක්කර ලක්ෂ පහක් විතර ලව්ගිනිවලින් විනාශ වී ගියා. කුඩා නගර සම්පුනයෙන්ම විනාශ වුනා. සාමාන්‍ය නිවාස, රජයේ දේපොළ සහ සුවිසල් මන්දිරත් ගින්නට පිලිස්සුන. මේ වසරේ නම් ගිනෙන් දැවී ඇත්තේ අක්කර දාහක් පමණි. මෙවැනි ලැව්ගිනි සෑම වසරේම ග්‍රීස්ම කාලයේ ඇති වෙනවා. සීත කාලයේ වැස්ස වැඩි නම් ඊට පසු ග්‍රීස්ම කාලයේ ගිනි ඇතිවෙනවාමයි. වැසි නිසා වල්පැල වැඩියෙන් වැවෙන නිසයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

