ඇමෙරිකාවෙන් රු. කෝටි 8000ක පරිත්‍යාගයක්
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480 ක (රුපියල් කෝටි 8000ක්) සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානමින් පසුවේ.එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව මගින් මෙම සංවර්ධන ආධාරය ශ්‍රී ලංකාවට ලබාදෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට එක්වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බෙයිර්මන් අතර පැවැති හමවුකදී ඔහු මේ බව හෙළිවිය.
ඊයේ (24දා) පස්වරුවේ මෙම හමුව පැවැති අතර මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.
එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන මෙම නව සංවර්ධන ආධාරය ඉතා අගය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

popular news
-
mahinda Tuesday, 25 September 2018 02:33 PM
පරිත්‍යාගයක් නිසා එය සුභ ආරංචියක්. ඔබට ජය !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

