ඇමෙරිකාවෙන් පඩිගෙවන උපදේශකවරයෙක් කථානායකට - දිනේෂ්
ඇමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරිය මහතාට සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක්ද වූ ප්‍රසාද් කාරියවසම් මහතා මෙසේ බඳවාගෙන ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එයට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේ අන්තර් පාර්ලිමේන්තු සබඳතා තර කර ගැනීම වෙනුවෙන් මෙම බඳවා ගැනීම සිදුකර ඇති බවයි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වෙනත් රටකින් වැටුප් ගෙවන උපදේශකයෙක් පාර්ලිමේන්තුවට නොගැලපෙන බවත් අවශ්‍යනම් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවන උපදේශකයෙක් බඳවා ගන්නා ලෙසයි.

popular news
-
Kumar Tuesday, 18 June 2019 08:02 PM
එතකොට ගෝට, එයාට විශ්‍රාම වැටුප් ගෙවන්නෙ අමෙරිකාවෙන් නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

