ඇමෙරිකානු රාජ්ය ලේකම් ලංකාවේ සංචාරයකට
ඇමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පිඹ් ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජ්ය ලේකම්වරයා එළැඹෙන 24 දා සිට 30 දා දක්වා ඉන්දු - පැසිෆික් කලාපයේ සංචාරයකට එක්වීමට නියමිත අතර එයට සමගාමීව ශ්රී ලංකාවේ සංචාරය සිදුකිරීමට නියමිතය.
මුලින්ම ඔහු ඉන්දියාවට පැමිණිමට නියමිත අතර පසුව ශ්රී ලංකාවට පැමිණිමට නියමිතය. ඉන් අනතුරුව ඔහු ජපානයට පිටත්වීමට නියමිතව තිබේ.එක්සත් ජනපදයේ හිටපු රාජ්ය ලේකම් ජෝන් කෙරී 2015 වසරේ මැයි මාසයේදී අවසන්වරට ශ්රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ඇමෙරිකාවේ ඉහළම නිලධාරියෙක් ශ්රී ලංකාවේ සිදුකරන සංචාරය මෙය වෙයි.

popular news
-
Champa Tuesday, 11 June 2019 05:22 PM
එනපොට හොඳ නැත. මෙච්චර ලොකු මිනිහෙක් නිකම් එන්නේ නැහැ. මේ එන්නේ ACSA සහ SOFA ගිවිසුම් අත්සන් කරන්න. ලංකාවේ ඇමරිකන් යුධ කඳවුරක් හැදෙනවට ඉන්දියාව විරුද්ධයි කියල කවුරුත් හිතනවා නම් ඒක විහිළුවක්. ඇමරිකාවට ගන්න බැරි දේවල් ඔක්කොම දැන් ඉන්දියාව අරන් තියෙන්නේ, මත්තල, පලාලි එක්ක මඩකලපු රත්මලාන KKS කොළොඹ ඔක්කොම ඉන්දියාවට. ඉතුරුව ජපානය අරන් තියෙනව. ගොඩවාය වරාය චීනේ ගන්න කොට ඒදවස්වල මම ලිව්වා ඇමරිකාවත් ඉන්දියාවත් ඕකට විරුද්ධ වෙන්නේ නැහැ ඒ මොකොද ඒ රටවල් දෙකටත් දෙන්න ඊට වඩා දේවල් පොරොන්දු වෙලා ඇති කියල. චීනේ මාගම්පුරවරාය ගත්තේ බැසිල්ගේ කීමට මහින්ද චීනෙට ගිහින් කතා කරපු නිසා. අද වහල් ආණ්ඩුව ඇමරිකාව එක්ක ACSA, SOFA ගිවිසුම් අත්සන් කරන කොට රාජපක්ෂ කඳවුරේ කටේ පිට්ටු. පාස්කු බෝම්බ වලට පස්සේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හදිසි නීතිය දැම්ම වෙලාවේ විපක්ෂයේ 70න් එක මිනිහෙක් ඒකට පක්ෂව චන්දෙ දුන්නේ නැහැ. 2017 රටට හොරෙන් ACSA දික් කරපු ජනාධිපති වඩු මඩු කතාව ගෙනාවේ ඇමරිකන් ගිවිසුම් ගැන වහන්න. අද සිංහලය වෙනුවෙන් එක දේශපාලකයෙක් නැහැ. මුළු පාර්ලිමේන්තුවම සිංහලයව පාවා දෙනවා. සිංහල රට පාවා දෙනවා. සිංහල ජාතිය පාවා දෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

