ඇමරිකා එක්සත් ජනපදයේ වැඩබලන තානාපති රොබට් හිල්ටන් සහ ඇමරිකානු තනාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්රධානී ඇන්තනී රෙන්සුල්ලි යන මහත්වරු කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ.
ඇමරිකානු නියෝජිත දෙපළ සඳහන් කර ඇත්තේ ශ්රි ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව තමන් විමතියට පත් වු බවයි.
ඒ පිළිබඳව ඇමරිකානු රජයේ දැඩි සැලකිල්ල යොමු කරන බවත් ඉතාමත්ම ඉක්මණින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළින් ශ්රී ලංකාව පත්ව ඇති අස්ථාවරභාවයට විසදුම් සොයා ගනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව බවත් ඔවුන් සඳහන් කර තිබේ.
