ඇමැති මනෝ මුලතිව් ගුරුකන්ද විහාරයේ ගැටලු සොයා බලන්න යයි
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වත්මන් ගැටලු පිළිබඳ සොයා බැලීමට හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (10) දින මුලතිව්හි සංචාරයක නිරත විණි.
එහිදී පළමුව අමාත්‍යවරයා විසින් මුලතිව් ගුරුකන්ද විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් හමු වී පන්සල් භූමියේ පවතින වත්මන් ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.
එහිදී විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් විසින් අමාත්‍යවරයාට පන්සලේ ඓතිහාසික වැදගත්කම හා පුරාවිද්‍යා සාධක ඉදිරිපත් කළ අතර විහාරාධිපති හිමියන් විසින් පන්සල් භූමියට හානියක් නොවන අයුරින් විසඳුමක් සෙවීමෙ වැදගත්කම පිළිබඳව දැනුම් දෙනු ලැබීය.
අනතුරුව අමාත්‍යවරයා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පන්සල් භූමිය හා එම භූමියේ දැනට ගැටලු සහගත තත්ත්වයකට මුහුණ පා ඇති දේවාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මුලතිව් මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාව වෙනුවෙන් පන්සලේ බෞද්ධදායක පිරිස් මෙන්ම හින්දු කෝවිල් සංගමයේ සාමාජිකයින් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන් සහ එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රී වරුද සහභාගී වූහ.
එහිදී හින්දු කොවිල් සංගමයේ සාමාජිකයින් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙතට පෙන්වා දෙනු ලැබුවේ අදාළ භූමිය පුරාතනයේ සිට කෝවිල් භූමියක්ව තිබුණු බවටත් පන්සල් හෝ කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නොතිබුණු බවටත්ය.
නමුත් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කාරක සභාවේ නියෝජිතයින් පෙන්වා දෙනු ලැබුවේ මෙම පන්සල් භූමිය පුරාතනයේ සිට පුරාවිද්‍යාත්මක භූමියක් වශයෙන් බොහෝ තැන් වල සාක්ෂි සමඟ පැවති බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද එය අධිකරණයේ සහතික කොට ඇති බවටත්ය.
අනතුරුව අමාත්‍යවරයා විසින් දෙපාර්ශවය සමගියෙන් කටයුතු කළ යුතු බවටත් ඉදිරි කටයුතු ඉහළ අධිකරණයෙන් ලැබෙන තීන්දු තීරණ අනුව පියවර ගත යුතු ආකාරය පිළිබඳව දෙපාර්ශවය දැනුවත් කරනු ලැබීය.

popular news
-
Champa Wednesday, 12 June 2019 08:51 AM
ඉස්සසෙල්ල තිබුනේ පන්සල. දීර්ඝ ඉතිහාසයක් තියෙන ඓතිහාසික පන්සලක්. කලින් ලියල තියෙනවා ඒ ගැන. ඔය දේවාලේ අයින් කරලා දාන්න ඕනේ. කතාව ඉවරයි. එක සිංහල ඇමතියෙක් නැහැ පන්සල වෙනුවෙන් කතා කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

