ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙසැම්බර් මස මුල් දින 13 තුළ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 30,000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව දෙසැම්බර් මාසයේ මුල් දින 13 තුළ වෛරසය ආසාදිතයන් 30,102ක් මියගොස් ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 299,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් ජනපදය මීට පෙර නොවැම්බර්, මැයි සහ අප්‍රේල් මාසවලදී 30,000කට වඩා මිය ගොස් තිබුණි.
එක්සත් ජනපදයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 16,225,124ක් වාර්තා වී ඇති ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.