එක්සත් ජනපදයේ දෛනික කොරෝනා වෛරස ආසාදිතයන් මෑතකදී ඉහළ ගොස් ඇති අතර, වෛද්‍ය විශේෂඥයන් පවසා ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා උණ සමය ළඟා වනවිට මෙම තත්ත්වය ඉතා බැරෑරුම් වනු ඇති බවය.
බ්‍රහස්පතින්දා වනවිට සතියකට වඩා නව දෛනික ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය 39,700ක් පමණ විය. එම සාමාන්‍යය පසුගිය දින කිහිපය තුළ ඉහළ ගොස් ඇති අතර එය පෙර සතියට වඩා 13%කින් ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
මෙය පැමිණෙන්නේ ගිම්හානයේ පැවති ආසාදන ඉහළ යෑම සති ගණනක් පහත වැටීමෙන් පසුවය. එය ජූලි 22දා ගිම්හානයේ උපරිම සාමාන්‍ය ආසාදන 67,300ක සංඛ්‍යාව සැලකීමේදී බෙහෙවින් අඩුය.
නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පවසා ඇත්තේ මෙය වළක්වා ගත නොහැකි තරම් ඉහළ අගයක් ගනු ඇති බවය. මන්දශීත කාලගුණය කෝවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා උණ යන දෙකම පැතිරීමේ අවදානම වැඩි කරයි.
මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 6,764,780ක් වාර්තා වනඅ තර, මරණ සංඛ්‍යාව ලක්ෂ 2ක සීමාවට පැමිණ 199,258ක් ලෙස සටහන් වෙයි.