ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ෆ්ලොරීඩා හි සමරිසි ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රයිඩ් රැලියක් අතරතුර ඊට සහභාගි වී සිටි පිරිසක් වෙත පිකප් ට්‍රක් රථයක් කඩා වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ෆෝර්ට් ලෝඩර්ඩේල් හි පැවති මෙම ප්‍රයිඩ් රැලිය අතරතුර සිදුවූ මෙම අනතුරට වගකිව යුතු ට්‍රක් රථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නගරාධිපති ඩීන් ට්රැන්ටලිස් පැවසීය.
කෙසේ වෙතත් මෙම රියදුරුගේ අභිප්‍රාය තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. නමුත් ට්රැන්ටලිස් මෙම අනතුර සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාවට හිතාමතාම සිදුකළ පහරදීමක් ලෙස විස්තර කළේය.
මෙතෙක් නම ප්‍රසිද්ධියට පත්කර නැති ට්‍රක් රථයේ රියදුරු විසින් විල්ටන් මැනර්ස් ස්ටෝන්වෝල් ප්‍රයිඩ් රැලියට සහභාගී වූවෙකු ලෙස මුලින් ක්‍රියාකර ඇති අතර, පසුව ඔහු හදිසියේම සිය රථයේ වේගය වැඩිකර සෙසු පිරිස ඊට යට කරගෙන රථය පදවා තිබේ.
"මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය සක්‍රීය වන අතර, අපි සියලු දත්ත සලකා බලමින් වැරදිකරුවන් හඳුනා ගනු ලබනවා" ෆෝට් ලෝඩර්ඩේල් පොලීසියේ රහස් පරීක්ෂක අලි ඇඩම්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පොලීසිය ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමගද කටයුතු කරන බව පවසමිනි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට යැවීමෙන් පසුව ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර අනෙක් තැනැත්තාගේ තත්ත්වය යහපත් බව විශ්වාස කෙරෙයි.
"මේ ඛේදජනක සිදුවීමක් හේතුවෙන්, ස්ටෝන්වෝල් ප්‍රයිඩ් රැළිය අවලංගු කර ඇති නමුත් උත්සව දිගටම පවතිනු ඇති" විල්ටන් මැනර්ස් පොලිස් දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
පෙළපාළියේ සිටි ඩිමොක්රටික් නියෝජිත ඩෙබී වසර්මන් ෂුල්ට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජීවිතයක් අහිමි වී ඇති අතර අනෙක් අයට බරපතල තුවාල සිදුවී ඇති බව ඇය දැඩි ලෙස කම්පා වී හා විනාශයට පත්ව සිටියද” ඇය ආරක්ෂිත බවයි.