එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පිඕ පාප් තුමන් හමුවීම සඳහා සිදුකළ ඉල්ලීම වතිකානුව විසින් බැහැර කර තිබේ.
ශුද්ධාසනය පැවසුවේ මැතිවරණ කාලයකදී පාප්තුමාට දේශපාලඥයන් සමග ගනුදෙනුවක් නොමැති බවය.
චීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් පොම්පිඕ මෑතකදී පළ කළ අදහස් රාජතාන්ත්රික වශයෙන් වතිකානුව හා එක්සත් ජනපදය අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබේ.
මේ මස මුලදී පොම්පිඕ කියා සිටියේ බිෂොප්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් චීනය සමග ඇති කර ගත් ගිවිසුම අලුත් කිරීම මගින් කතෝලික පල්ලිය සිය සදාචාරාත්මක අධිකාරය අවදානමට ලක් කරමින් සිටින බවය.
නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා පොම්පිඕ එම ප්රශ්නය යොදා ගැනීමට උත්සාහ කළ බවට වතිකානුව චෝදනා කළේය.