එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස මරණ 200,000ක් කරා ළඟාවීම අසාර්ථක වූ ජාතික ප්‍රතිචාරයේ පිළිබිඹුවක් බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ ආයතනයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය ටොම් ෆ්රීඩන් කියයි.
"සියලු මරණ හඳුනාගෙන නොමැති අතර සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි බැවින් මෙය භයානක සංඛ්‍යාවක්" යැයි ෆ්රීඩන් පැවසීය. "එය සියදිවි නසාගැනීම් හෝ අධික මාත්‍රාවක් ගැනීම හෝ මිනීමැරුම් හෝ එච්.අයි.වී නිසා මිය යෑමට වඩා වැඩි පිරිසක්. ඇත්ත වශයෙන්ම, මේ වසර තුළ එක්සත් ජනපදයේ සෑම මරණයකම ප්‍රධානතම හේතූන් අතර තුන්වැනි ස්ථානයට කොවිඩ්-19 පත්ව සිටිනවා."
හිටපු අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ඇමෙරිකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, මේ වනවිට එක්සත් ජනපදය අවම වශයෙන් 196,661ක කොරෝනා මරණ වාර්තා වී තිබේ. එහිදී ගෙවීගිය අඟහරුවාදා මරණ 1,293ක් වාර්තා වූ අතර, එය අගෝස්තු 19න් පසු වැඩිම එක්දින මුළු එකතුවයි.
"ඔබ ජර්මනිය දෙස බැලුවහොත්, මරණ අනුපාතය පහළ අගයක් ගන්නවා" ෆ්රීඩන් පැවසීය. "ඔබ දකුණු කොරියාව දෙස බැලුවහොත්, අපට සිදු වූ මරණවලට වඩා 80 ගුණයක් මරණ අඩුයි. අපේ රටේ සංවිධානාත්මක, ස්ථාවර, මෙන්ම සුහද ෆෙඩරල් ප්‍රතිචාරයක් නොතිබීම නිසා අහිමි වූ ජීවිත ලෙස සැලකිය යුතුයි."