ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි මාත්‍රාවන් 184,275ක් පමණ රැගෙන යන පළමු භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ ඊයේ දිනයේ මිචිගන් හි ෆයිසර් පරිශ්‍රයෙන් පිටත්ව ගොස් තිබේ.
එන්නත් මාත්‍රාවන් සහිත පෙට්ටි 189ක් රැගෙන යන ට්‍රක් රථ, අද දිනය වනවිට ප්‍රාන්ත 50ටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එන්නත් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ඇසුරුම් කිරීමටද යුහුසුළු වන ආකාරය දැකිය හැකි විය.
තවත් එන්නත් මාත්‍රාවන් 3,900ක් එක්සත් ජනපදයට අයත් දූපත් වෙත නැව්ගත කරනු ඇත.
ෆෙඩරල් රජයේ එන්නත් කිරීමේ මුලපිරීමේ මෙහෙයුම් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙනරාල් ගුස්ටාව් පර්නා මීට පෙර කියා සිටියේ සඳුදා සිට සෑම ප්‍රාන්තයකම එන්නත් මධ්‍යස්ථාන 145කදීද, අඟහරුවාදා තවත් එන්නත් මධ්‍යස්ථාන 425කදීද සහ බදාදා තවත් එන්නත් මධ්‍යස්ථාන 66කදීද එන්නත් කිරීම ආරම්භ කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. එමගින් ෆයිසර් එන්නතෙහි පළමු වැනි ඇණවුම සම්පූර්ණ වන බවද ඔහු සඳහන් කළේය.