එක්සත් ජනපදයේ App Stores හි TikTok තහනම තාවකාලිකව වළක්වාලමින් TikTok මව් සමාගම වන බයිට් ඩාන්ස් සහ ඔරකල් අතර ගනුදෙනුව අනුමත කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
වාණිජ දෙපාර්තමේන්තුව ඊයේ සවස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය සතියකින් ප්‍රමාද වන බවය. මෙම තහනම අද සිට බලාත්මක වීමට තිබූ සීමාවන් මෙසේ කල් දමා ඇත.
ට්‍රම්ප් විසින් අනුමත කළ බව පැවසූ ගිවිසුම යටතේ බයිට් ඩාන්ස් TikTok හි බහුතර කොටස්කාර හිමිකරු ලෙස දිගටම කටයුතු කරනු ඇත.
වාර්තාකරුවන් අමතමින් ට්‍රම්ප් කියා සිටියේ මෙම ගනුදෙනුව මූලික වශයෙන් අනුමත කළ බවය.
"මම ගනුදෙනුවට මගේ ආශිර්වාදය ලබා දුන්නා" ට්‍රම්ප් පැවසීය. "ඔවුන් එය සිදු කළහොත් එය විශිෂ්ටයි. ඔවුන් එසේ නොකරන්නේ නම් එයත් හොඳයි." ඇමෙරිකානු නායකයා පැවසීය.
මෙම ගනුදෙනුවට Wal-Mart ද ඇතුළත් වනු ඇතැයි ට්‍රම්ප් පැවසීය. "ආරක්ෂාව සියයට සියයක් වනු ඇති. ඔවුන් වෙනම Clouds සහ ඉතා බලවත් ආරක්ෂාවක් භාවිතා කරනු ඇත."
මෙම ගනුදෙනුවට එක්සත් ජනපද අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 5 ක අරමුදලක්ද ඇතුළත් වන බව ට්‍රම්ප් පැවසීය.
ට්‍රම්ප් තමා අනුමත කළ බව පැවසූ ගිවිසුම යටතේ බයිට් ඩෑන්ස් ටික්ටොක් හි බහුතර හිමිකරු ලෙස දිගටම කටයුතු කරනු ඇති බව එම පුද්ගලයා පැවසීය. ටික්ටොක් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔරකල් සහ වෝල්මාර්ට් සඳහා 20%ක කොටසක් හිමිවන බවය. කෙසේ වෙතත් ට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ ඇමෙරිකානු සමාගම් වෙත බහුතර කොටස් ප්‍රමාණයක් හිමිවන බවය.
එක්සත් ජනපදයේ තොරතුරු පිටතට ගලායන බව පවසමින් එහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා ට්‍රම්ප් මෙම යෙදුම් තහනම් කිරීමේ නියෝගයන්ට එලැඹී තිබුණි. නමුත් චීනය මෙන්ම අදාළ මෘදුකාංග සමාගම්ද ඇමෙරිකාවේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.