උතුරු ඇමෙරිකානු ගුවන් අභ්‍යවකාශ ආරක්ෂක විධානයට අනුව එක්සත් ජනපද F-22 ප්‍රහාරක ජෙට් යානා බ්‍රහස්පතින්දා සන්ධ්‍යා භාගයේදී ඇලස්කාවේ වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර ගුවන් කලාපයේ ගමන් කළ රුසියානු හමුදා ගුවන් යානාවලට බාධා කර තිබේ.
සිරියාවේදී පසුගියදා ඇමෙරිකානු සහ රුසියානු හමුදා වාහන අනතුරකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයන් 7 දෙනෙකුට තුවාල සිදුවීම මොස්කව් සහ වොෂිංටන් එකිනෙකාට දොස් පැවරීමට හේතු විය. මෙසේ එක්සත් ජනපදය හා රුසියාව අතර දැඩි ආතතීන් මේ සතියේ වේදිකාවට තල්ලු වී තිබූ පසුබිමක මෙම ගුවන් යානා බාධා කිරීම් සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
"උතුරු ඇමෙරිකානු ගුවන් අභ්‍යවකාශ ආරක්ෂක විධානය F-22 ප්‍රහාරක ගුවන් යානා, KC-135 ගුවන් පිරිපහදුකරුවන්ගේ සහාය ඇතිව, ඊයේ රාත්‍රියේ ඇලස්කන් ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ Tu-142 රුසියානු සමුද්‍රීය මුර සංචාර යානා දෙකක කණ්ඩායම් තුනක් හඳුනා ගනිමින් ඒවා වළක්වනු ලැබුවා." ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
රුසියානු ගුවන්යානය ඇලස්කන් වෙරළට නාවික සැතපුම් 50ක් ඇතුළතට පැමිණි අතර, ඒවා ජාත්‍යන්තර ගුවන් කලාපයේ රැඳී සිට ඇත.
එසේම එක්සත් ජනපද උතුරු අණදෙන නිලධාරියා පැවසුවේ ඇලස්කාවේ වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ මතු වූ රුසියානු සබ්මැරීනයක්ද ඔවුන් නිරීක්ෂණය කරමින් සිටින බවය. එක්සත් ජනපද නිලධාරියෙක් පැවසුවේ රුසියානු සබ්මැරීනයක් එම ප්‍රදේශය තුළ මතු වීම ඉතා අසාමාන්‍ය දෙයක් බවය.