එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වූ බව වාර්තා වෙයි.
ඒ අනුව ගිල්ඩේ සිකුරාදා කොවිඩ්-19 පරීක්ෂාවට ලක්කළ අතර, මේ අවස්ථාවේ ඔහු සෘණාත්මක වුවද ඉදිරි දින කිහිපයක් ඔහු නිරෝධායනයට ලක්කරන බව එක්සත් ජනපද නිලධාරියෙකු පැවසීය.
ගිල්ඩේ පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා සමග ධවල මන්දිර රැස්වීමට නොපැමිණියේද ඔහු නිරෝධායනයට ලක්ව සිටින නිසා බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.