එක්සත් ජනපදය බදාදා දිනයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 3,071ක් වාර්තා කර ඇති අතර, එය අපේ‍්‍රල් මාසයෙන් පසු වැඩිම දෛනික මරණ සංඛ්‍යාව බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්ත පෙන්වා දෙයි.
මේ වනවිට එක්සත් ජනපදය තුළ සිදුව ඇති සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 290,000ක සීමාවට පැමිණ තිබේ.
අඟහරුවාදා, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන කමිටු රැස්වීම තීරණය කළේ සෞඛ්‍ය සේවකයන් සහ සාත්තු නිවාසවල රැඳී සිටින්නන් එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත් ලබා ගන්නා පළමු කණ්ඩායම් වනු ඇති බවය.
එරට සෞඛ්‍ය සේවකයින් 240,000කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, 858 දෙනෙකු මියගොස් ඇති බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට රට පුරා ආසාදිතයන් ලක්ෂ 153ක් ඉක්මවා වාර්තා වී තිබේ.