ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රාජ්‍ය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ගෙවීගිය බදාදා දිනයේ නව ආසාදිතයන් 140,543ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම තනි දින ආසාදිත වාර්තාකරණය මෙය බවද එම විශ්වවිද්‍යාලය පවසයි.
එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් 100,000කට වැඩි සංඛ්‍යාවක අඛණ්ඩව වාර්තා වූ නව වැනි දිනයද මේ සමග සනිටුහන් කර තිබේ.
එසේම මෙම ගණන් කිරීම තවමත් අවසන් නොමැති නිසා, මෙම දෛනික ආසාදන අගය තවදුරටත් ඉහළ යා හැකි බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
මේ දක්වා වාර්තා වී ඇති දෙවැනි වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 10දා වාර්තා වූ අතර, එවර ආසාදිතයන් 136,325ක් සටහන් කර තිබේ.
මේ සමග එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 10,392,702ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 241,047කි.